Wednesday, August 20, 2014

කෙල්ල, කොල්ලා සහ ඩෙනිම





ඔය ඉහලින් දාල තියෙන වීඩියෝ එක මගෙ හිතේ හුගක් අය දැකල අති. අපේ " වඳුරට දැලි පිහිය දුන්න වාගේ" කියන එකේ අලුත් වර්ශන් එක තමා ඔය​.

මට මේ කතාව මතක් උනේ මේ දවස් වල රටේ ප්‍රධානම​ පුරස්නය වෙලා තියෙන අර කෙල්ලෙක් කොල්ලෙකුට අම්බානකට නෙලන වීඩියෝ එක ගැන බුකියෙ යන පොස්ට් දැකල​. 

ඉස්සර අපේ රටට තාක්ෂණය ආවෙ ටිකක් හෙමින්. අපි පොඩි කාලෙ ටීවි එක බලනකොට උනත් අපේ හිතේ හැටියට බලන්න ලැබුනෙ නැහැ. අද කාලෙට සාපේක්ශව තාක්ෂණ ගැන​ අවබෝධය අඩු උනත් දෙමව්පියො අපිට බලන්න අවශ්‍ය කොටස දීල අනවශ්‍ය​ කොටස ලස්සනට බ්ලොක් කලා. ඒ කාලෙ නයි ටී එන් එකේ බදාද රෑට යන හිංදි ෆිල්ම් එක මලාට බලන්න දෙන්නෙ නැහැ. 

ඒත් අද කාලෙ තාක්ෂණය මාර ස්පීඩ් එකකින් එනවා​​. ඒ වගේම ලාබයි​. රුපියල් සීයකට ඩොංගලේ චාජ් කරගත්තහම බයිට්ස් ගාන ඉවර වෙනකල් මුලු ලෝකයම අල්ලට ගන්න පුලුවන්​. ඒත් වෙනසකට තිබෙන්නේ ඉස්සර දෙමව්පියෝ තාක්ෂණය ගැන​ අවබෝධය අඩු උනත් සෙන්ස් එකෙන් කොන්ට්‍රොල් කරල දුන්න දේ කරන්න අද කාලෙ දෙමව්පියන්ට වේලාවක් නැති වීමයි​.

නැවතත් වලියේ සීන් එකට බැහලා එතන සිදුවුනු ප්‍රශ්න මොනවාද කියා ස්ටෙප් බයි ඉටෙප් බලමු.

1. කොල්ලා කෙල්ලගේ ටයිට් ඩෙනිම විහිලුවට ගැනීම​​.
ප්‍රශ්නයේ දෙපැත්තක් තියනවා කියල​ අනුමාන කරමු. කොල්ලා කින්ඩිය දැමූ පලවෙනි දවස එදානම් කෙල්ලට ඉවසීමට, නෑහුනා වගෙ මග හැර යාම​, රවා බලා මග හැර යාම වගේ දෙයක් කලානම් හොදය​. ඒවා සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදී කෙල්ලන් ගන්නා ඉස්ටෙප්ස්ය.

ඒත් කින්ඩිය දැමීම කොල්ලා විසින් රස්සාවක් විදිහට කරගෙන යනවානම් ටිකක් වෙනස්. එතකොට​, අයිය කෙනෙක් ඉන්නවනම් ඌට කීම​, අයියා කෙනෙකු නැතිනම් හො ඉන්න එකාට පණ නැතිනම් දෙමව්පියන්ට කීම හෝ වෙනත් වැඩිහිටියෙකුට කීම​, තමුන්ටම හැන්ඩ්ල් කරගැනීමට ඇති ගට තියනවනම් මතක හිටින්න එක පාරක් පමණක් කිරල මැනල කම්මුලට ගැසීම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් මේ දේවල් වලින් ප්‍රශ්නෙ විසඳෙන අවස්තාව වැඩියි​.

මෙහිදී ඩෙනිම ගැන වචනයක් නොකියා බැහැ​. ඕනාම කෙනෙකුට තමන් කැමති විදිහට ඇදීමේ අයිතිය ඇත​. නමුත් ඒක ටයිට් ඩෙනිමක්ය. ටයිට් ඩෙනිම අඳින්නේ කකුල් දෙකේ හා පුකේ ලස්සන පේන්නටය​. ඔය දෙක නැතිනම් කෝටු කකුල් දෙකකට ටයිට් ඩෙනිමක් ඇඳීම ලබ්බට ඉරටු ගැහුවා වගේ වෙන අතර කොල්ලන්ට විහිලු කරන්නට සිතීමද අනිවාර්ය දෙයකි. තමන්ට හරියන ඉස්ටයිල් ගැන තේරෙන්නේ නැතිනම් දැනුම් තේරුම් ඇති විස්වාසවන්ත යාලුවෙකුගෙ අසා දැන ගැනීම යෙහෙයි.

2. කොල්ලාට තඩිබැම​.

මෙම කතාවේ උච්චතම අවස්තාව හෙවත් මුලු ශ්‍රී ලංකාද්වීපයේම ඉන්න පිරිමි සංහතීයේම පුරුශ ලිංග හිරිවැටිල ගියපු ඒ මොහොත මේක කීවොත් නිවරදියි​. එකක් නම් කමක් නැත​. බිම බලාගෙන සමාව ඉල්ලන එකාට සෑහෙන වෙලාවක් කෙල්ල උඩ පැන පැන තලයි​​. වටේ පිටේ උන් "අපේ ගමේ කෙල්ලෙක්‍" කියා සිද්ධිය රස විඳින අතර එයින් කෙල්ලගේ ෆෝම් එක තවත් වැඩිවේ.  

අපි අපේ පවුල් ගත්තොත් තාත්තාට ඇත්තේ ආදරයත් සමග ගෞරවයක් හා බයක්‍​. ගෙදර වලියක් ගියත් අම්මා තාත්තාට ගහන කේස් නැත. මොකද එදාට පවුලේ සමබරතාවය බිඳ වැටෙන්නේය​. ගැහනියෙකුගෙ පතිවතද පිරිමියාගේ පිරිමිකමද එක්තරා විදිහකට සමාන වේ. ඔය කෝක නැති උනත් වැඩේ අස්පට් වේ.  

ඔය කේස් එකේ ඉන්න කොල්ලාට මම මාවම ආදේශ කර ගත්තොත් වෙන්නෙ ගොඩක් වෙලාවට මෙහෙමයි​. වැඩේ අප්සට් වෙලා කෙල්ල වලියට ඇවිත් පලවෙනි ශොට් එක නොහිතපු විදිහට වැදුනහම​ අකමැත්තෙන් හරි සමාව ඉල්ලන්න වෙනව​. ඒ මගේ මිස්ටේක් එක තියෙන නිසා. හැබැයි දෙවෙනි ශොට් එකට ආවොත් කෙල්ලගේ දත් වහල්ල ගැලවෙන්නට එකක් ගැහීම අනිවාර්ය වේ. පොලිසි ගියත්​, කෙල්ලගේ සනුහරෙන්ම කන්ඩ උනත්​ පිරිමිකමට කෙලවාගත්තොත් සියල්ල ඉවරය​.

3. වටේ ආතල්

පෝස්ට් එකේ ඉහලින්ම ඇති කොටසට කතාව සම්බන්ද කරන්නේ දැන්‍​. මේ කතාවේ හැටියට පිරිමිකම නැති කරගත්තේ ගුටි කාපු එකා නෙවේ​. වටේ බලාගෙන පෝන් කටු අල්ලපු හැත්ත සහ බ්ලොග් එකේ වීරයෝ සෙට් එකයි​. අරූ අතන ගුටි කනකොට බැහැල වලිය ශේප් කරන්න එකෙක් නැතත් හැරෙන පමාවට වීඩියෝ එක පබ්ලික් කරන්නත්, ඉන්ටනෙට් සහ බුකියේ හැංගිලා මඩ ගහන්නනම් දාස් ගානක් සිටි.  

සෙක්ස් කියන සුන්දර වචනෙ වැඩිපුරම සර්ච් කරල රටටම ගෞරවයක් ගෙනල්ල දුන්න එක හැබෑව​. නමුත් අපේ එවුන්ට​ ඉන්ටනෙට් සහ බුකිය ලැබුන ඒක අර වදුරට AK47 දුන්න වගේ වැඩක් කියල දුකෙන් හරි කියන්න වෙනව​. යම් කිසි පාලනයක් ඇතුව ඉස්ටෙප් බයි ඉස්ටෙප් ඔකේ තියෙන මැනර්ස් ආදිය කියල දෙන ගමන් ඔක දුන්නනම් යමක් කරන්න කලින් දෙපාරක් හිතල බලයි. මිනිහෙකුට මඩ ගහන්න එහෙම කලින් ඒකෙන් සිද්ධ වෙන හානිය ගැන කල්පනා කරයි. 

4. කෙලු අයිතීන් සහ කොලු අයිතීන්

කාන්තා හිංසනය කියන්නේ අපි කවුරුත් දන්න සබ්ජෙක්ට් එකක් සහ ඒ වෙනුවෙන් ගොඩක් අය නැගී හිටිනව​. නමුත් වචනෙකට විතරක් සීමා වෙලා තියෙන ඒ වුනාට ජයටම කෙරෙන දෙයක් තමයි පුරුෂ හිංසනේ. 


මේක ගැන පලවෙනියටම ලංකාවෙ ලියවිලා තිබුනේ මම හිතන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තය විසින්​(වැරදි නම් සමාව​). එතුමා කෝච්චියක යනකොට හිටිය ගෑණු ඩබලක් මෙතුමා ලගට ඇවිත් "අපේ අරක ඇල්ලුවා කියලා බොරුවට කෑගහනව... ඊට කලින් චාටර් නොවී සම් තිං එක දීල මාරු වෙනවද " කියල අහනව​​. ඉතාමත් හොදින් මොලය තිබුන පුරුෂ රත්නයක් වෙච්ච එතුම ඉස්සර වෙලා " මෙන්න මේ ගෑණු මග අරක අල්ලනවෝ" කියලා කෑ ගැසීමෙන් වැඩේ දෙන්නට ආපු ඩබල මාරුවී ගේම ශේප් උනා කියල තමයි ලියවිලා තිබුනෙ. 

විශේෂයෙන්ම ජපානෙ වගේ රටවල මේ ජාවාරම සරුවටම සිද්ධවෙන හිංද බොහෝ පිරිමිංට කෝච්චිවල යන්න සිද්දවෙලා තියෙන්නෙ වවුල් සිස්ටම එකට​. මීට මාස තුනකට කලින් ගෑණියෙක් දිහා විහිලුවටවත් නොබලා දිවිහිමියෙන් පතිවුර්තාව රැකපු මගේ බොක්කකට මේ අවාසනාවත්ත අද්දැකීමට මුහුණ දෙන්න සිද්ධවුනා. සෙල්ලං නෙවේ ගෙඩි පිටිංම ලක්‍ෂ එකහමාරක්. පොලීසියෙ එවුං පවා දුක් වුනා. නිවරදි කියල දැන දැනත් පිරිමියා ගලවගන්න නීතියක් නැහැ.

ඒ නිසා මේ වාරියපොල සීන් එකෙන් චූන් වී කොල්ලට ගහපු එක පූර්වාදර්ශයක් කරගෙන ඉන්න බවලත් සහ පොර වීමට දගලන පිරිමි උදවියට කියන්න තියෙන්නෙ හැම පිරිමියම වලත්තයෙකුත් හැම ගෑණිම පත්තිනි අම්මෙකුත් නෙවෙයි කියලයි.


5. ගුටිකෑ කොල්ලාගේ ගැන යමක්.

මේ සීන් එක යන අතරවාරයෙ තමයි කොල්ල දෙමළ එකෙක් කියල දැක්කෙ. මොනව උනත් මූ තමයි තැනට සුදුසු නුවණ උපරිම විදිහට පාවිච්චි කරල ඉවසාපු විනාඩි කිහිපයෙන් මුලු ජාතියක්ම ගොඩ දැම්මෙ. මූටද මල පැන කෙල්ලට දීලා ඇරියානම් සිදුවීමට ගිය BBS, RB ඇතුලු නොයෙකුත් බල සේනා සංහාරයෙන් වාරියපොල මුදවාගැනීම ගැන ප්‍රදේශ වාසියෝ කොල්ලා විශේෂ ස්තූතිය පුද කල යුතුය​.




6 comments:

  1. /* මීට මාස තුනකට කලින් ගෑණියෙක් දිහා විහිලුවටවත් නොබලා දිවිහිමියෙන් පතිවුර්තාව රැකපු මගේ බොක්කකට මේ අවාසනාවත්ත අද්දැකීමට මුහුණ දෙන්න සිද්ධවුනා. සෙල්ලං නෙවේ ගෙඩි පිටිංම ලක්‍ෂ එකහමාරක්. පොලීසියෙ එවුං පවා දුක් වුනා. නිවරදි කියල දැන දැනත් පිරිමියා ගලවගන්න නීතියක් නැහැ. */


    හරි පුදුම අද්භූත කතාවක් නේ?
    මේ ගැන විස්තර දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කේස් එකක් ගැන නෙවෙයිද කොහෙද කියන්නේ

      කවුද මේ ..........රිට්ටා නයිදේ ඊලග පාර එක ලියමුද බලන්ඩ

      Delete
    2. @කතන්දර. ලංකාවෙ නෙවේ බං රටපිට වෙච්ච සීන් එකක්. අපේ එකා අහිංසක විදිහට වැඩ ඇරිල ගෙදර යනකොට වැඩේ වෙලා තිබුනෙ. ජපානෙ ජැක් ගහල මාට්ටු උනාම ලක්‍ෂ තුන හමාරක් විතර යනව​. ගෑණිට නොවදිනා වැදුම් වැදල එක හමාරට බස්සල තිබුනෙ. පස්සෙ පොලීසියෙ එකා කියල තිබ්බ ඒ ගෑණි සතියට දෙතුන් පාරක් ඔයවගේ එනවයි කියල​. ගාන අඩු උනත් ලංකාවෙත් ඔය සීන් යනව බං අනන්ත​​. අහිංසකය අල්ලලනෙ ගේම දෙන්නෙ. පස්සෙ ලැජ්ජාවට කියන්නෙ නැහැ.

      Delete
    3. @ අටම්. මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි. උබලගෙ බ්ලොග් බලල බලලා ඉවසන්නම බැරි තැන ලියන්න ගත්ත එකෙක් තමයි. හැදුව වගේ නෙවෙයි ලියන එක අමාරුයි........ ඒක නෙවෙයි බං. අච්චර ඉක්මනට රිසානව මැරුවෙ?

      Delete
  2. අපූරුයි... දිගටම ලියපන්..

    බ්ලොග් කෙරුවාව, කරලම තමයි ඉගෙන ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හැදුව වගේ නෙවෙයි ලියන එක අමාරුයි. දැං ඉතින් අතාරින්නත් බැහැ. බොහෝම ඉතූතියි සප් එකට​.

      Delete