Tuesday, September 9, 2014

නූතන ඩිස්නී හෙවත් මියසකි හය​ඕගේ සුරංගනා කතා කරලිය​






මට අදටත් හිත හිත සංතෝස වෙන්න පුලුවන් දෙයක් තමයි මේ ලෝකෙට උපදින්න ලැබිච්ච කාලෙ​. මම පොඩි එකෙක්ව ඉන්න කොට ලබාපු අත්දැකීම් සහ ආතල් එක්ක අදකාලෙ පොඩි එකෙක්ව සංසන්දනය කලොත්, අද කාලෙ එකා ගැන මාර කණගාටුවක් ඇතිවෙනව​. තක්ෂණේ දියුනුවත් එක්ක හැම ලබ්බම තිබුනත්, අද ලංකාවෙ ලමයි වෙනුවෙන් තියන කලාව දියාරුවෙලා. ඒ මදිවට මහ එවුංගෙ පරමාර්ත ඉස්ට කරන්න නොනවතින රේස් එකකුත් දුවන්න සිද්ද වෙලා තියන නිසා ඒ ඔලුගෙඩි වල පුස්වෙලා තියෙන තැන් ගොඩයි.

අපි පොඩි කාලෙ ඒ අඩුව පුරවන්න මුල් උනේ ටයිටස් තොටවත්ත මහත්තය. ලංකාවෙ ඇතුලෙ කාටුන් වගේ දේවල් හදන එක අමාරු දෙයක් උන කාලෙක​, පිටරටින් ආපු නිර්මාණ අපේ විදිහට හඩ කවල ඉතාමත් සුන්දර​ විදිහට අපට දුන්න. ඒ කාලෙ අපි බලපු සුරංගනා කතා කරලියෙ තිබුනු කතා ඒවගෙ මුල් භාශාවෙන් බැලුවත් සිංහල හඩ කවපු එකේ තිබුන තරං ගතියක් නැහැ. ටයි මාමා හරහා අපිට ලැබුනු හොදම නිර්මාණය විදිහට මම හිතන්නෙ ඔශීන්. ගොඩක් දෙනෙක් නොදන්නව උනාට ඔශීන් ඔරිජිනල් එකේ නලු නිලියන්ගෙ කට හඩ පවා සිංහල හඩ කැවීමේදී සමාන කරල තියනව​. 

ඔශීන් අපට දුන්න වගේම අපේ රටත් එක්ක අති විසාල බැදීමක ප්‍රතිපලයක් විදිහට ජපානෙන් අපිට ගොඩක් දේවල් දීල තියනව​. ටයි මාමගෙ ඒ සුන්දර නිරමාණ සේරම බිහිවුනු, ඉදිකට්ටක් බිම වැටුනත් සද්දෙ ඇහෙන ජාතික රූපවාහිණියෙ හඩ කැවීමේ ස්ටූඩියෝ එකත් එයින් එකක්.

මම අද කියන්නේ අපිට ටයි මාම වගේම ජපානෙට වැදගත් වෙච්චි චරිතයක් වෙන "මියසකි හය​ඕ" මහත්තයගෙ නිර්මාණ කීපයක් ගැන​. කොම්පියුටරේ බිහිවෙන්නත් කාලෙකට කලින් ඉදල ඉතාමත් විශිෂ්ටගණයේ නිර්මාණ ගණනාවක් හදන්න මියසකි මහත්තයට පුලුවන් උනා වගේම තමුන්ගෙන් පස්සෙ මේ කලාව ෆලෝ කරන ලොකු සෙට් එකකුත් ඇති කරා. ගොඩක් අය මෙතුමා හදුන්වන්නේ ජපානයේ වෝල්ට් ඩිස්නි කියල වුනත් නිරමාණකරනයේදී ඩිස්නිටත් එහා ගිය දක්‍ෂතා තියනව කියල තමා දන්නෝ කියන්නෙ. 2013 වසරේ අවසාන චිත්‍රපටිය කරල පැන්ශන් ගිහින් විවේකී සුවයෙන් හිටියත්, ජපානෙ ලමයි මියසකි සෙන්සෙ ආයෙත් පාරක් අලුත් නිර්මාණෙකින් එයි කියල විශ්වාස කරනව​.මෙතුමා ගැන වැඩිදුර දැනගන්න ඕනෙනම් මෙන්න ලින්ක් එක​.

මෙතුමාගෙන් බිහිවුන නිර්මාණවලින් කීපයක් තමයි මේ....වෙලාවක් තිබුනොත් බලනවා හොදයි. කාටුන් වලට කැමතිනම් සුන්දර අත්දැකීමක් ලබන්න පුලුවන් කියා හිතනව​.....



                                    1. සුලං නිම්නයේ න​ඔෂිකා කුමරිය (1984)




"Nausicaä of the Valley of the Wind" තමයි මේකෙ ඉංග්‍රීසි නම​. ජපන් නම "風の谷のナウシカ". මියසකි සෙන්සෙගෙ මුල් කාලයේම නිරිමාණයක් වෙච්චි මේක 1984 දී එලිදැක්වුනා. ඊට අමතරව 2005 දී ඉංග්‍රීසි සහ වෙනත් භාශා කීපයකට හඩකැවී තියනවා. තම වර්ගයාට ගොඩක් හිරිහැර කරන තොමෙකියාවරුන් විසින් ඉතා භයානක ආයුධයක් වෙන යෝධ කුරුමිණියන්ව අවදිකිරීමට යාම නැවත්වීමට උත්සහ කරන න​ඔෂිකා කියන කුමාරියකගෙ කතාවක් තමයි මේකෙ දිගහැරෙන්නෙ. සුරංගනා කතා ගනයට වැටෙන මේ කාටුන් චිත්‍රපටිය මියසකි සෙන්සෙගෙ ශෛලිය වෙනස් කරා කියල තමයි කියන්නෙ.


                                         2.පාවෙන බලකොටුව ලපියුටා (1986)



Castle in the Sky (天空の城ラピュタ)
මනුස්ස වර්ගයාගේම නිර්මාණයක්වූ පාවෙන නගර අනපේක්‍ෂිත විදිහට විනාසයට පත්වූවත්, කාලයාගෙ ඇවෑමෙන් සැගවිලා ගිය ඉතිරිවූ එකම පාවෙන බලකොටුව වෙන ලපියුටා හොයාගෙන යන චාරිකාව​​........
මේ චිත්‍රපටිය 1986 දී තිරගතවුනු අතර ජපන් සහ ඉංග්‍රීසි කියන භාශා දෙකෙම ඇතුලත් වුනා.


                                  3. අසල්වැසි තොතොරෝ (1988)




My Neighbor Totoro (となりのトトロ).
ඉතාමත් ලස්සන නිර්මාණයක් වෙන "තොතොරෝ" පස්සෙ කාලෙක ඩිස්නි නිර්මාණයක් විදිහට පවා එලිදැක්වුනා වගේම මීට පස්සෙ හදපු චිත්‍රපටිත් ඩිස්නි වර්ශන් එකක් එක්ක තමා ආවෙ. නමුත් ඩිස්නි වර්ශන් එක වෙන රටක එඩිට් කරපු හින්දද මන්ද මුල් නිර්මාණෙ තරම් රහ නෑ.මියසකි සන් ගෙ චිත්‍රපටි වලින් වැඩිපුරම ප්‍රසිද්ධ වුනේ මේක කියල තමයි කියන්නෙ.



                         4. Spirited Away (2001) 千と千尋の神隠し





මියසකි සන්ගෙ චිත්‍රපටිවලින් මේක මගෙ ෆේවරිට්ම එක වුනත් මේ චිත්‍රපටියෙ නම වෙනම භාශාවකට පරිවර්තනය කරනව කියන එක සෑහෙන ලොකු කට්ටක්. ඒ නිසා තියන නමම තියෙන්න අරින එක වඩා හොදයි. මේක රුසියානු සුරංගනා කතා ශෛලියට ගොඩක් ලගයි. මතකනෙ "ලස්සන වසීලිස්ස​". අන්න ඒ වගේ.

මීට අමතරව විස්තර නැතුව ඉතුරු චිත්‍රපටි ටික විතරක් යටින් දානව​.


Kiki's Delivery Service (魔女の宅急便) 1989                 Porco Rosso (紅の豚) 1992



                               


Princess Mononoke (もののけ姫)1997     Howl's Moving Castle (ハウルの動く城)2004


  



Ponyo (崖の上のポニョ) 2008                      The Wind Rises (風立ちぬ) 2013




අවස්තාවක් ලැබුනොතින් බලන්න. සෑහෙන්න අපූරු අත්දැකීමක් වෙයි. වෙලාවක් තිබුනොතින් ඔතන තියන චිත්‍රපටි දෙක තුනකට හරි සිංහල සබ්ටයිටල් ෆයිල් හදන්න කියල හිතාගෙන ඉන්නව​. හැදුනොත් ගන්න පුලුවන් තැනකට දාන්නම්.   

Monday, September 1, 2014

දරු දුකද භව දුකද​....




මට අද බුකියේ හෝ ගාල පබ්ලික් වෙන පොස්ටුවක් දැකල සෑහෙන්න කලකිරීමකුත් එක්ක දුකකුත් ඇතිඋනා. මේ සිද්දිය අද සමාජෙ වෙලා තියන වෙනස්කං එක්ක කොච්චර ඇලිල තියනවද කියලත් හිතුන​.

පලාත මං හිතන්නෙ කිරම​ පැත්තෙද කොහෙද​. බොහොම දුප්පත් තාත්ත කෙනෙක්. හුගක් දුක් මහන්සි වෙලා දරුවො උස් මහත් කරල​. පවුලෙ බාල පුතා පොලීසියට බැදෙනව​. ඔහොම යද්දි හදිස්සියෙම ඇක්සිඩන්ට් එකක් වෙලා පුතා මැරෙන්ව​. මේ දුක තාත්තට කොහොමවත්ම උහුලගන්න අමාරුයි. නමුත් කොහොමහරි පුතාගෙ අවසාන කටයුතු කරනව​.

මැරුණත් පුතාගෙන් වෙන් වෙන්න මේ අහිංසක තාත්තා කැමති නැහැ. ගෙදර මිදුලෙම හදනව පුතාගෙ සොහොන​. අතේ මිටේ හිගකම තිබුනත් බොහොම ලස්සනට පුතාගෙ සොහොන හදල ඒකට වහලෙකුත් ගහනව​. ඒ විතරක් නෙවෙයි. මැරුණත් පුතාව තනිකරන්න අකමැති නිසා හැමදාම රෑට තාත්ත නිදියන්නෙ පුතාගෙ සොහොන උඩ​.

ඉස්සර බුදු හාමුදුරුවන්නෙ කාලෙ ඉපදුන කිසා ගෝතමී ගොඩක් පිං කරල තිබුනට අපි කරල තියන පිං වල ලෙවල් එක පව් ලෙවල් එකට වඩා ටිකක් පල්ලෙ තියන නිසා අබුද්දස්ස කාලෙ ඉපදිලා ඉන්නෙ. අබුද්දස්ස කාලෙත් ටිකක් අප්සෙට් හරියක් තමා දැන් ගෙවෙන්නෙ.

පොඩි කාලේ වෙච්ච තවත් සිද්දියක් මතක්වුනා. මට සුසන්ත කියලා යාලුවෙක් හිටිය​. මිනිහට හිටියෙ අම්ම විතරක් හිංදද කොහෙද දෙන්න ගොඩක් ආදරෙන් හිටියෙ. සුසන්තය හිටිහැටියෙම අසනීප වෙලා සෙල්ලං කරන්නවත් එන්නෙ නැතුව ගියා. අසනීපෙ ලියුකේමියාව​. හිතුවටත් වැඩිය ඉක්මනට සුසන්ත නැතිවුනා. මේක ඒ අම්මට දරාගන්න බැරිවුනා. අම්මෙක් ඒ තරම් දරුවෙක් වෙනුවෙන් හැපිල අඩනව දැක්කෙ මම එදා. පිස්සියෙක් වෙලා ආතක් පාතක් නැතුව යන්න ගිය ඒ අම්මගෙ හිත හැදුවෙ ඒ වෙලාවෙ එතනට වැඩම කරපු පන්සලේ හාමුදුරුවො.

ඊටත් කලින් වෙච්ච තවත් සිද්දියක් මට මතකයි. අසූ ගනන් වල භීෂණ කාලෙ අපේ ගමේ පලවෙනි කොල්ල මරල දාල ගමේ බස් හෝල්ට් එකේ එල්ලල තිබ්බ​. නම නීලසිරි. අපි හැමෝම බලන්න ගියා. කට ඇරිලා ඇගිලි ඇබරිලා ඇස් දෙක එලියට පැනල මැරිල හිටිය තමුන්නෙ පුතා දැකල ඒ අම්මයි තාත්තයි වැලපි චැලපි ඒ හෝල්ට් එකේම ඔලුව ගගහ හිටියෙ. ඒ අහිංසක මිනිස්සුන්ට අනිත්‍ය ගැන කියල දීල හිත ඩිංගක් හරි හදල දෙන්න එදත් හාමුදුරුවො හිටිය​.

ඉස්සර හාමුදුරුවො හොදයි. නමුත් දැන් හාමුදුරුවො හොදා₋₋යි. ඒ කාලෙ වගේ ගමේ පොඩි මිනිහගේ මයිනර් කේස් වලට වෙලාව නැහැ. දැන් තියෙන්නෙ ජාතික පුරස්න​. BBS හරි RB වගේ සංවිධානෙක ඉන්න එක ඔය පොඩි පොඩි කේස් වලට වඩා නම්බුකාරයි වගේම පිං වැඩියි. අනික​ අර සෑහෙන කාලයක් නිදාගෙන ඉන්න රාවණා රජ්ජුරුවො වගේ කෙනෙක්ට කෘතිම ශ්වසනය කරනව කියන්නෙ එසේ මෙසේ ජාතික මෙහෙවරක්ද​. ඇහැරව ගත්තොත් කාටද​. අපිටනෙ.....

කරපු කතාව පොට පයින්න එනව වගේ නිසා අර අහිංසක තාත්තගෙ කේස් එකට බහිනව​. තමන් හදා වඩාගෙන ලොකු මහත් කරපු දරුව තමුන්ට ඉස්සරවෙලා වල පල්ලට යනව තරම් වෙන දුකක් දෙමාපියන්ට නැහැ. ඒක ඇත්ත​. නමුත් දැන් ඒ තාත්ත කරන වැඩේ අනුමත කරන්න බැහැ. ඒ මනුස්සය කරන ඔය බරපතල වඩේ ගැන තේරුම් කරල දෙන්න හාමුදුරුකෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට අමාරුයි. ඔය පලයක් නැති කුණු ශරීරයක් උඩ නිදියනකන් තාත්තගෙ දුක අඩුවෙන්නෙ නෑ වගේම මැරිච්ච තමුංගෙ පුතාගෙ ආත්මෙටත් ඔතනින් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. අනික සොහොන තියෙන්නෙ ගෙයි මිදුලෙ. ඔය ගෙදර මිනිස්සු පවා ඔතන ඉන්න නිසා ආසාව කියන බැදීම වැඩිවෙන්න වැඩිවෙන්න නිකන් නිස්කාරනේ පුතා අමනුස්ස ආත්මයක් ලබනවා.

මෑතකදි කියවපු අටමගේ පෝස්ට් එකක් තියනව "පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්" කියල​. අද කාලෙ පන්සලක තත්වෙ ඕකෙන් නියමට විග්‍රහ කරල තියනව​. සංඝ රත්නෙට ගරහන්න එපා කියල කට්ටිය කීවත් ඕකට යමක් නොකලොත් අපිට හිතුවටත් වඩා ඉක්මනිම නිවන් යන්ඩ පුලුවන් වෙයි කියල හිතෙනව​.


Wednesday, August 20, 2014

කෙල්ල, කොල්ලා සහ ඩෙනිම





ඔය ඉහලින් දාල තියෙන වීඩියෝ එක මගෙ හිතේ හුගක් අය දැකල අති. අපේ " වඳුරට දැලි පිහිය දුන්න වාගේ" කියන එකේ අලුත් වර්ශන් එක තමා ඔය​.

මට මේ කතාව මතක් උනේ මේ දවස් වල රටේ ප්‍රධානම​ පුරස්නය වෙලා තියෙන අර කෙල්ලෙක් කොල්ලෙකුට අම්බානකට නෙලන වීඩියෝ එක ගැන බුකියෙ යන පොස්ට් දැකල​. 

ඉස්සර අපේ රටට තාක්ෂණය ආවෙ ටිකක් හෙමින්. අපි පොඩි කාලෙ ටීවි එක බලනකොට උනත් අපේ හිතේ හැටියට බලන්න ලැබුනෙ නැහැ. අද කාලෙට සාපේක්ශව තාක්ෂණ ගැන​ අවබෝධය අඩු උනත් දෙමව්පියො අපිට බලන්න අවශ්‍ය කොටස දීල අනවශ්‍ය​ කොටස ලස්සනට බ්ලොක් කලා. ඒ කාලෙ නයි ටී එන් එකේ බදාද රෑට යන හිංදි ෆිල්ම් එක මලාට බලන්න දෙන්නෙ නැහැ. 

ඒත් අද කාලෙ තාක්ෂණය මාර ස්පීඩ් එකකින් එනවා​​. ඒ වගේම ලාබයි​. රුපියල් සීයකට ඩොංගලේ චාජ් කරගත්තහම බයිට්ස් ගාන ඉවර වෙනකල් මුලු ලෝකයම අල්ලට ගන්න පුලුවන්​. ඒත් වෙනසකට තිබෙන්නේ ඉස්සර දෙමව්පියෝ තාක්ෂණය ගැන​ අවබෝධය අඩු උනත් සෙන්ස් එකෙන් කොන්ට්‍රොල් කරල දුන්න දේ කරන්න අද කාලෙ දෙමව්පියන්ට වේලාවක් නැති වීමයි​.

නැවතත් වලියේ සීන් එකට බැහලා එතන සිදුවුනු ප්‍රශ්න මොනවාද කියා ස්ටෙප් බයි ඉටෙප් බලමු.

1. කොල්ලා කෙල්ලගේ ටයිට් ඩෙනිම විහිලුවට ගැනීම​​.
ප්‍රශ්නයේ දෙපැත්තක් තියනවා කියල​ අනුමාන කරමු. කොල්ලා කින්ඩිය දැමූ පලවෙනි දවස එදානම් කෙල්ලට ඉවසීමට, නෑහුනා වගෙ මග හැර යාම​, රවා බලා මග හැර යාම වගේ දෙයක් කලානම් හොදය​. ඒවා සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදී කෙල්ලන් ගන්නා ඉස්ටෙප්ස්ය.

ඒත් කින්ඩිය දැමීම කොල්ලා විසින් රස්සාවක් විදිහට කරගෙන යනවානම් ටිකක් වෙනස්. එතකොට​, අයිය කෙනෙක් ඉන්නවනම් ඌට කීම​, අයියා කෙනෙකු නැතිනම් හො ඉන්න එකාට පණ නැතිනම් දෙමව්පියන්ට කීම හෝ වෙනත් වැඩිහිටියෙකුට කීම​, තමුන්ටම හැන්ඩ්ල් කරගැනීමට ඇති ගට තියනවනම් මතක හිටින්න එක පාරක් පමණක් කිරල මැනල කම්මුලට ගැසීම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් මේ දේවල් වලින් ප්‍රශ්නෙ විසඳෙන අවස්තාව වැඩියි​.

මෙහිදී ඩෙනිම ගැන වචනයක් නොකියා බැහැ​. ඕනාම කෙනෙකුට තමන් කැමති විදිහට ඇදීමේ අයිතිය ඇත​. නමුත් ඒක ටයිට් ඩෙනිමක්ය. ටයිට් ඩෙනිම අඳින්නේ කකුල් දෙකේ හා පුකේ ලස්සන පේන්නටය​. ඔය දෙක නැතිනම් කෝටු කකුල් දෙකකට ටයිට් ඩෙනිමක් ඇඳීම ලබ්බට ඉරටු ගැහුවා වගේ වෙන අතර කොල්ලන්ට විහිලු කරන්නට සිතීමද අනිවාර්ය දෙයකි. තමන්ට හරියන ඉස්ටයිල් ගැන තේරෙන්නේ නැතිනම් දැනුම් තේරුම් ඇති විස්වාසවන්ත යාලුවෙකුගෙ අසා දැන ගැනීම යෙහෙයි.

2. කොල්ලාට තඩිබැම​.

මෙම කතාවේ උච්චතම අවස්තාව හෙවත් මුලු ශ්‍රී ලංකාද්වීපයේම ඉන්න පිරිමි සංහතීයේම පුරුශ ලිංග හිරිවැටිල ගියපු ඒ මොහොත මේක කීවොත් නිවරදියි​. එකක් නම් කමක් නැත​. බිම බලාගෙන සමාව ඉල්ලන එකාට සෑහෙන වෙලාවක් කෙල්ල උඩ පැන පැන තලයි​​. වටේ පිටේ උන් "අපේ ගමේ කෙල්ලෙක්‍" කියා සිද්ධිය රස විඳින අතර එයින් කෙල්ලගේ ෆෝම් එක තවත් වැඩිවේ.  

අපි අපේ පවුල් ගත්තොත් තාත්තාට ඇත්තේ ආදරයත් සමග ගෞරවයක් හා බයක්‍​. ගෙදර වලියක් ගියත් අම්මා තාත්තාට ගහන කේස් නැත. මොකද එදාට පවුලේ සමබරතාවය බිඳ වැටෙන්නේය​. ගැහනියෙකුගෙ පතිවතද පිරිමියාගේ පිරිමිකමද එක්තරා විදිහකට සමාන වේ. ඔය කෝක නැති උනත් වැඩේ අස්පට් වේ.  

ඔය කේස් එකේ ඉන්න කොල්ලාට මම මාවම ආදේශ කර ගත්තොත් වෙන්නෙ ගොඩක් වෙලාවට මෙහෙමයි​. වැඩේ අප්සට් වෙලා කෙල්ල වලියට ඇවිත් පලවෙනි ශොට් එක නොහිතපු විදිහට වැදුනහම​ අකමැත්තෙන් හරි සමාව ඉල්ලන්න වෙනව​. ඒ මගේ මිස්ටේක් එක තියෙන නිසා. හැබැයි දෙවෙනි ශොට් එකට ආවොත් කෙල්ලගේ දත් වහල්ල ගැලවෙන්නට එකක් ගැහීම අනිවාර්ය වේ. පොලිසි ගියත්​, කෙල්ලගේ සනුහරෙන්ම කන්ඩ උනත්​ පිරිමිකමට කෙලවාගත්තොත් සියල්ල ඉවරය​.

3. වටේ ආතල්

පෝස්ට් එකේ ඉහලින්ම ඇති කොටසට කතාව සම්බන්ද කරන්නේ දැන්‍​. මේ කතාවේ හැටියට පිරිමිකම නැති කරගත්තේ ගුටි කාපු එකා නෙවේ​. වටේ බලාගෙන පෝන් කටු අල්ලපු හැත්ත සහ බ්ලොග් එකේ වීරයෝ සෙට් එකයි​. අරූ අතන ගුටි කනකොට බැහැල වලිය ශේප් කරන්න එකෙක් නැතත් හැරෙන පමාවට වීඩියෝ එක පබ්ලික් කරන්නත්, ඉන්ටනෙට් සහ බුකියේ හැංගිලා මඩ ගහන්නනම් දාස් ගානක් සිටි.  

සෙක්ස් කියන සුන්දර වචනෙ වැඩිපුරම සර්ච් කරල රටටම ගෞරවයක් ගෙනල්ල දුන්න එක හැබෑව​. නමුත් අපේ එවුන්ට​ ඉන්ටනෙට් සහ බුකිය ලැබුන ඒක අර වදුරට AK47 දුන්න වගේ වැඩක් කියල දුකෙන් හරි කියන්න වෙනව​. යම් කිසි පාලනයක් ඇතුව ඉස්ටෙප් බයි ඉස්ටෙප් ඔකේ තියෙන මැනර්ස් ආදිය කියල දෙන ගමන් ඔක දුන්නනම් යමක් කරන්න කලින් දෙපාරක් හිතල බලයි. මිනිහෙකුට මඩ ගහන්න එහෙම කලින් ඒකෙන් සිද්ධ වෙන හානිය ගැන කල්පනා කරයි. 

4. කෙලු අයිතීන් සහ කොලු අයිතීන්

කාන්තා හිංසනය කියන්නේ අපි කවුරුත් දන්න සබ්ජෙක්ට් එකක් සහ ඒ වෙනුවෙන් ගොඩක් අය නැගී හිටිනව​. නමුත් වචනෙකට විතරක් සීමා වෙලා තියෙන ඒ වුනාට ජයටම කෙරෙන දෙයක් තමයි පුරුෂ හිංසනේ. 


මේක ගැන පලවෙනියටම ලංකාවෙ ලියවිලා තිබුනේ මම හිතන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තය විසින්​(වැරදි නම් සමාව​). එතුමා කෝච්චියක යනකොට හිටිය ගෑණු ඩබලක් මෙතුමා ලගට ඇවිත් "අපේ අරක ඇල්ලුවා කියලා බොරුවට කෑගහනව... ඊට කලින් චාටර් නොවී සම් තිං එක දීල මාරු වෙනවද " කියල අහනව​​. ඉතාමත් හොදින් මොලය තිබුන පුරුෂ රත්නයක් වෙච්ච එතුම ඉස්සර වෙලා " මෙන්න මේ ගෑණු මග අරක අල්ලනවෝ" කියලා කෑ ගැසීමෙන් වැඩේ දෙන්නට ආපු ඩබල මාරුවී ගේම ශේප් උනා කියල තමයි ලියවිලා තිබුනෙ. 

විශේෂයෙන්ම ජපානෙ වගේ රටවල මේ ජාවාරම සරුවටම සිද්ධවෙන හිංද බොහෝ පිරිමිංට කෝච්චිවල යන්න සිද්දවෙලා තියෙන්නෙ වවුල් සිස්ටම එකට​. මීට මාස තුනකට කලින් ගෑණියෙක් දිහා විහිලුවටවත් නොබලා දිවිහිමියෙන් පතිවුර්තාව රැකපු මගේ බොක්කකට මේ අවාසනාවත්ත අද්දැකීමට මුහුණ දෙන්න සිද්ධවුනා. සෙල්ලං නෙවේ ගෙඩි පිටිංම ලක්‍ෂ එකහමාරක්. පොලීසියෙ එවුං පවා දුක් වුනා. නිවරදි කියල දැන දැනත් පිරිමියා ගලවගන්න නීතියක් නැහැ.

ඒ නිසා මේ වාරියපොල සීන් එකෙන් චූන් වී කොල්ලට ගහපු එක පූර්වාදර්ශයක් කරගෙන ඉන්න බවලත් සහ පොර වීමට දගලන පිරිමි උදවියට කියන්න තියෙන්නෙ හැම පිරිමියම වලත්තයෙකුත් හැම ගෑණිම පත්තිනි අම්මෙකුත් නෙවෙයි කියලයි.


5. ගුටිකෑ කොල්ලාගේ ගැන යමක්.

මේ සීන් එක යන අතරවාරයෙ තමයි කොල්ල දෙමළ එකෙක් කියල දැක්කෙ. මොනව උනත් මූ තමයි තැනට සුදුසු නුවණ උපරිම විදිහට පාවිච්චි කරල ඉවසාපු විනාඩි කිහිපයෙන් මුලු ජාතියක්ම ගොඩ දැම්මෙ. මූටද මල පැන කෙල්ලට දීලා ඇරියානම් සිදුවීමට ගිය BBS, RB ඇතුලු නොයෙකුත් බල සේනා සංහාරයෙන් වාරියපොල මුදවාගැනීම ගැන ප්‍රදේශ වාසියෝ කොල්ලා විශේෂ ස්තූතිය පුද කල යුතුය​.




ඉතින් එහෙනම් මටත් බ්ලොගක්....



මම ගොඩක් කාලයක් ඉදල සිංහල බ්ලොග් කියවනව​. එකක් පටන් ගන්න කියල උවමනාව තිබුනට ඊටත් වැඩිය ලොකු කම්මැලිකම නිසා වැඩේ උනේ නැහැ. මාස දෙකකට කලින් අලුත් රස්සාවකට මාරු වීම සහ කවදාකවත් නැති විදිහට අලුත් තැන බඩේ බත් ටික වගේ සෙට් වීම මත දැන් ඉස්සරටත් වැඩියෙන් මට වෙලාව ලැබිලා.

 

ඔය අතරෙ තමයි ඊයෙ පෙරේද කට්ටියගෙ පරන පෝස්ට් අවුස්සදි මාතලන්ගෙ බ්ලොග් ලෙසන් එක දැක්කෙ. එතුමට පිං සිද්දවෙන්න මමත් බ්ලොගක් හදා ගත්ත​.


ලියන්න කියල දෙයක් ඔලුවට එන්නෙ නැත​. නමුත් පටන් ගැන්මක් නැතිකොට අවසානෙකුත් නැති නිසා, අද සිට මගේ අහිංසක බ්ලොග් එක ආරම්භ කරනව​. 

 

මගේ ගැන කියන්න කියල නම් ලොකු දෙයක් නැහැ. මම මාස් පඩි කාරයෙක්. සතියෙ දවස් පහේ වැඩ​. සිකුරාද හවසට ශොට් එකක් එහෙම දානව​..  

 

මතක ඇති කාලෙ ඉදල මේ වෙනකල් මට සමාජයෙ ගොඩක් ස්ථරවල ජීවත් වෙන්න උනා. ඒ නිසා මමත් කැමතියි එදිනෙදා සිදුවෙන දේවල් ගැන කතා කරන්න​. අද ඉදලා බ්ලොගේ ඉන්න බලාපොරොත්තු වෙන හන්දා අවස්තාවක් ලැබුනොත් මමත් මගෙ කොමෙන්ට් එක දාන්න කැමතියි.