ඉතින් එහෙනම් මටත් බ්ලොගක්....

මම ගොඩක් කාලයක් ඉදල සිංහල බ්ලොග් කියවනව. එකක් පටන් ගන්න කියල උවමනාව තිබුනට ඊටත් වැඩිය ලොකු කම්මැලිකම නිසා වැඩේ උනේ නැහැ. මාස දෙකකට කලින් අලුත් රස්සාවකට මාරු වීම සහ කවදාකවත් නැති විදිහට අලුත් තැන බඩේ බත් ටික වගේ සෙට් වීම මත දැන් ඉස්සරටත් වැඩියෙන් මට වෙලාව ලැබිලා.
ඔය අතරෙ තමයි ඊයෙ පෙරේද කට්ටියගෙ පරන පෝස්ට් අවුස්සදි මාතලන්ගෙ බ්ලොග් ලෙසන් එක දැක්කෙ. එතුමට පිං සිද්දවෙන්න මමත් බ්ලොගක් හදා ගත්ත.
ලියන්න කියල දෙයක් ඔලුවට එන්නෙ නැත. නමුත් පටන් ගැන්මක් නැතිකොට අවසානෙකුත් නැති නිසා, අද සිට මගේ අහිංසක බ්ලොග් එක ආරම්භ කරනව.
මගේ ගැන කියන්න කියල නම් ලොකු දෙයක් නැහැ. මම මාස් පඩි කාරයෙක්. සතියෙ දවස් පහේ වැඩ. සිකුරාද හවසට ශොට් එකක් එහෙම දානව..
මතක ඇති කාලෙ ඉදල මේ වෙනකල් මට සමාජයෙ ගොඩක් ස්ථරවල ජීවත් වෙන්න උනා. ඒ නිසා මමත් කැමතියි එදිනෙදා සිදුවෙන දේවල් ගැන කතා කරන්න. අද ඉදලා බ්ලොගේ ඉන්න බලාපොරොත්තු වෙන හන්දා අවස්තාවක් ලැබුනොත් මමත් මගෙ කොමෙන්ට් එක දාන්න කැමතියි.
පටන් ගන්න ලේසියි, කරගෙන යන්න තමයි අමාරු.
ReplyDeleteඒ සඳහා අවශ්‍ය ධෛර්ය, කාලය සහ කබරහම වෙනුවෙන් මගේ සුභ පැතුම්!
බොහෝම පිං පලවෙනි කමෙන්ට් එකට. උපරිමයෙන් ඇදගෙන යන්න උත්සහ දරනවා.
Deletewelcome ! සුභ පැතුම්!
ReplyDeleteබොහොම ස්තූතියි.
ReplyDelete