Tuesday, September 9, 2014

නූතන ඩිස්නී හෙවත් මියසකි හය​ඕගේ සුරංගනා කතා කරලිය​






මට අදටත් හිත හිත සංතෝස වෙන්න පුලුවන් දෙයක් තමයි මේ ලෝකෙට උපදින්න ලැබිච්ච කාලෙ​. මම පොඩි එකෙක්ව ඉන්න කොට ලබාපු අත්දැකීම් සහ ආතල් එක්ක අදකාලෙ පොඩි එකෙක්ව සංසන්දනය කලොත්, අද කාලෙ එකා ගැන මාර කණගාටුවක් ඇතිවෙනව​. තක්ෂණේ දියුනුවත් එක්ක හැම ලබ්බම තිබුනත්, අද ලංකාවෙ ලමයි වෙනුවෙන් තියන කලාව දියාරුවෙලා. ඒ මදිවට මහ එවුංගෙ පරමාර්ත ඉස්ට කරන්න නොනවතින රේස් එකකුත් දුවන්න සිද්ද වෙලා තියන නිසා ඒ ඔලුගෙඩි වල පුස්වෙලා තියෙන තැන් ගොඩයි.

අපි පොඩි කාලෙ ඒ අඩුව පුරවන්න මුල් උනේ ටයිටස් තොටවත්ත මහත්තය. ලංකාවෙ ඇතුලෙ කාටුන් වගේ දේවල් හදන එක අමාරු දෙයක් උන කාලෙක​, පිටරටින් ආපු නිර්මාණ අපේ විදිහට හඩ කවල ඉතාමත් සුන්දර​ විදිහට අපට දුන්න. ඒ කාලෙ අපි බලපු සුරංගනා කතා කරලියෙ තිබුනු කතා ඒවගෙ මුල් භාශාවෙන් බැලුවත් සිංහල හඩ කවපු එකේ තිබුන තරං ගතියක් නැහැ. ටයි මාමා හරහා අපිට ලැබුනු හොදම නිර්මාණය විදිහට මම හිතන්නෙ ඔශීන්. ගොඩක් දෙනෙක් නොදන්නව උනාට ඔශීන් ඔරිජිනල් එකේ නලු නිලියන්ගෙ කට හඩ පවා සිංහල හඩ කැවීමේදී සමාන කරල තියනව​. 

ඔශීන් අපට දුන්න වගේම අපේ රටත් එක්ක අති විසාල බැදීමක ප්‍රතිපලයක් විදිහට ජපානෙන් අපිට ගොඩක් දේවල් දීල තියනව​. ටයි මාමගෙ ඒ සුන්දර නිරමාණ සේරම බිහිවුනු, ඉදිකට්ටක් බිම වැටුනත් සද්දෙ ඇහෙන ජාතික රූපවාහිණියෙ හඩ කැවීමේ ස්ටූඩියෝ එකත් එයින් එකක්.

මම අද කියන්නේ අපිට ටයි මාම වගේම ජපානෙට වැදගත් වෙච්චි චරිතයක් වෙන "මියසකි හය​ඕ" මහත්තයගෙ නිර්මාණ කීපයක් ගැන​. කොම්පියුටරේ බිහිවෙන්නත් කාලෙකට කලින් ඉදල ඉතාමත් විශිෂ්ටගණයේ නිර්මාණ ගණනාවක් හදන්න මියසකි මහත්තයට පුලුවන් උනා වගේම තමුන්ගෙන් පස්සෙ මේ කලාව ෆලෝ කරන ලොකු සෙට් එකකුත් ඇති කරා. ගොඩක් අය මෙතුමා හදුන්වන්නේ ජපානයේ වෝල්ට් ඩිස්නි කියල වුනත් නිරමාණකරනයේදී ඩිස්නිටත් එහා ගිය දක්‍ෂතා තියනව කියල තමා දන්නෝ කියන්නෙ. 2013 වසරේ අවසාන චිත්‍රපටිය කරල පැන්ශන් ගිහින් විවේකී සුවයෙන් හිටියත්, ජපානෙ ලමයි මියසකි සෙන්සෙ ආයෙත් පාරක් අලුත් නිර්මාණෙකින් එයි කියල විශ්වාස කරනව​.මෙතුමා ගැන වැඩිදුර දැනගන්න ඕනෙනම් මෙන්න ලින්ක් එක​.

මෙතුමාගෙන් බිහිවුන නිර්මාණවලින් කීපයක් තමයි මේ....වෙලාවක් තිබුනොත් බලනවා හොදයි. කාටුන් වලට කැමතිනම් සුන්දර අත්දැකීමක් ලබන්න පුලුවන් කියා හිතනව​.....



                                    1. සුලං නිම්නයේ න​ඔෂිකා කුමරිය (1984)




"Nausicaä of the Valley of the Wind" තමයි මේකෙ ඉංග්‍රීසි නම​. ජපන් නම "風の谷のナウシカ". මියසකි සෙන්සෙගෙ මුල් කාලයේම නිරිමාණයක් වෙච්චි මේක 1984 දී එලිදැක්වුනා. ඊට අමතරව 2005 දී ඉංග්‍රීසි සහ වෙනත් භාශා කීපයකට හඩකැවී තියනවා. තම වර්ගයාට ගොඩක් හිරිහැර කරන තොමෙකියාවරුන් විසින් ඉතා භයානක ආයුධයක් වෙන යෝධ කුරුමිණියන්ව අවදිකිරීමට යාම නැවත්වීමට උත්සහ කරන න​ඔෂිකා කියන කුමාරියකගෙ කතාවක් තමයි මේකෙ දිගහැරෙන්නෙ. සුරංගනා කතා ගනයට වැටෙන මේ කාටුන් චිත්‍රපටිය මියසකි සෙන්සෙගෙ ශෛලිය වෙනස් කරා කියල තමයි කියන්නෙ.


                                         2.පාවෙන බලකොටුව ලපියුටා (1986)



Castle in the Sky (天空の城ラピュタ)
මනුස්ස වර්ගයාගේම නිර්මාණයක්වූ පාවෙන නගර අනපේක්‍ෂිත විදිහට විනාසයට පත්වූවත්, කාලයාගෙ ඇවෑමෙන් සැගවිලා ගිය ඉතිරිවූ එකම පාවෙන බලකොටුව වෙන ලපියුටා හොයාගෙන යන චාරිකාව​​........
මේ චිත්‍රපටිය 1986 දී තිරගතවුනු අතර ජපන් සහ ඉංග්‍රීසි කියන භාශා දෙකෙම ඇතුලත් වුනා.


                                  3. අසල්වැසි තොතොරෝ (1988)




My Neighbor Totoro (となりのトトロ).
ඉතාමත් ලස්සන නිර්මාණයක් වෙන "තොතොරෝ" පස්සෙ කාලෙක ඩිස්නි නිර්මාණයක් විදිහට පවා එලිදැක්වුනා වගේම මීට පස්සෙ හදපු චිත්‍රපටිත් ඩිස්නි වර්ශන් එකක් එක්ක තමා ආවෙ. නමුත් ඩිස්නි වර්ශන් එක වෙන රටක එඩිට් කරපු හින්දද මන්ද මුල් නිර්මාණෙ තරම් රහ නෑ.මියසකි සන් ගෙ චිත්‍රපටි වලින් වැඩිපුරම ප්‍රසිද්ධ වුනේ මේක කියල තමයි කියන්නෙ.



                         4. Spirited Away (2001) 千と千尋の神隠し





මියසකි සන්ගෙ චිත්‍රපටිවලින් මේක මගෙ ෆේවරිට්ම එක වුනත් මේ චිත්‍රපටියෙ නම වෙනම භාශාවකට පරිවර්තනය කරනව කියන එක සෑහෙන ලොකු කට්ටක්. ඒ නිසා තියන නමම තියෙන්න අරින එක වඩා හොදයි. මේක රුසියානු සුරංගනා කතා ශෛලියට ගොඩක් ලගයි. මතකනෙ "ලස්සන වසීලිස්ස​". අන්න ඒ වගේ.

මීට අමතරව විස්තර නැතුව ඉතුරු චිත්‍රපටි ටික විතරක් යටින් දානව​.


Kiki's Delivery Service (魔女の宅急便) 1989                 Porco Rosso (紅の豚) 1992



                               


Princess Mononoke (もののけ姫)1997     Howl's Moving Castle (ハウルの動く城)2004


  



Ponyo (崖の上のポニョ) 2008                      The Wind Rises (風立ちぬ) 2013




අවස්තාවක් ලැබුනොතින් බලන්න. සෑහෙන්න අපූරු අත්දැකීමක් වෙයි. වෙලාවක් තිබුනොතින් ඔතන තියන චිත්‍රපටි දෙක තුනකට හරි සිංහල සබ්ටයිටල් ෆයිල් හදන්න කියල හිතාගෙන ඉන්නව​. හැදුනොත් ගන්න පුලුවන් තැනකට දාන්නම්.   

Monday, September 1, 2014

දරු දුකද භව දුකද​....




මට අද බුකියේ හෝ ගාල පබ්ලික් වෙන පොස්ටුවක් දැකල සෑහෙන්න කලකිරීමකුත් එක්ක දුකකුත් ඇතිඋනා. මේ සිද්දිය අද සමාජෙ වෙලා තියන වෙනස්කං එක්ක කොච්චර ඇලිල තියනවද කියලත් හිතුන​.

පලාත මං හිතන්නෙ කිරම​ පැත්තෙද කොහෙද​. බොහොම දුප්පත් තාත්ත කෙනෙක්. හුගක් දුක් මහන්සි වෙලා දරුවො උස් මහත් කරල​. පවුලෙ බාල පුතා පොලීසියට බැදෙනව​. ඔහොම යද්දි හදිස්සියෙම ඇක්සිඩන්ට් එකක් වෙලා පුතා මැරෙන්ව​. මේ දුක තාත්තට කොහොමවත්ම උහුලගන්න අමාරුයි. නමුත් කොහොමහරි පුතාගෙ අවසාන කටයුතු කරනව​.

මැරුණත් පුතාගෙන් වෙන් වෙන්න මේ අහිංසක තාත්තා කැමති නැහැ. ගෙදර මිදුලෙම හදනව පුතාගෙ සොහොන​. අතේ මිටේ හිගකම තිබුනත් බොහොම ලස්සනට පුතාගෙ සොහොන හදල ඒකට වහලෙකුත් ගහනව​. ඒ විතරක් නෙවෙයි. මැරුණත් පුතාව තනිකරන්න අකමැති නිසා හැමදාම රෑට තාත්ත නිදියන්නෙ පුතාගෙ සොහොන උඩ​.

ඉස්සර බුදු හාමුදුරුවන්නෙ කාලෙ ඉපදුන කිසා ගෝතමී ගොඩක් පිං කරල තිබුනට අපි කරල තියන පිං වල ලෙවල් එක පව් ලෙවල් එකට වඩා ටිකක් පල්ලෙ තියන නිසා අබුද්දස්ස කාලෙ ඉපදිලා ඉන්නෙ. අබුද්දස්ස කාලෙත් ටිකක් අප්සෙට් හරියක් තමා දැන් ගෙවෙන්නෙ.

පොඩි කාලේ වෙච්ච තවත් සිද්දියක් මතක්වුනා. මට සුසන්ත කියලා යාලුවෙක් හිටිය​. මිනිහට හිටියෙ අම්ම විතරක් හිංදද කොහෙද දෙන්න ගොඩක් ආදරෙන් හිටියෙ. සුසන්තය හිටිහැටියෙම අසනීප වෙලා සෙල්ලං කරන්නවත් එන්නෙ නැතුව ගියා. අසනීපෙ ලියුකේමියාව​. හිතුවටත් වැඩිය ඉක්මනට සුසන්ත නැතිවුනා. මේක ඒ අම්මට දරාගන්න බැරිවුනා. අම්මෙක් ඒ තරම් දරුවෙක් වෙනුවෙන් හැපිල අඩනව දැක්කෙ මම එදා. පිස්සියෙක් වෙලා ආතක් පාතක් නැතුව යන්න ගිය ඒ අම්මගෙ හිත හැදුවෙ ඒ වෙලාවෙ එතනට වැඩම කරපු පන්සලේ හාමුදුරුවො.

ඊටත් කලින් වෙච්ච තවත් සිද්දියක් මට මතකයි. අසූ ගනන් වල භීෂණ කාලෙ අපේ ගමේ පලවෙනි කොල්ල මරල දාල ගමේ බස් හෝල්ට් එකේ එල්ලල තිබ්බ​. නම නීලසිරි. අපි හැමෝම බලන්න ගියා. කට ඇරිලා ඇගිලි ඇබරිලා ඇස් දෙක එලියට පැනල මැරිල හිටිය තමුන්නෙ පුතා දැකල ඒ අම්මයි තාත්තයි වැලපි චැලපි ඒ හෝල්ට් එකේම ඔලුව ගගහ හිටියෙ. ඒ අහිංසක මිනිස්සුන්ට අනිත්‍ය ගැන කියල දීල හිත ඩිංගක් හරි හදල දෙන්න එදත් හාමුදුරුවො හිටිය​.

ඉස්සර හාමුදුරුවො හොදයි. නමුත් දැන් හාමුදුරුවො හොදා₋₋යි. ඒ කාලෙ වගේ ගමේ පොඩි මිනිහගේ මයිනර් කේස් වලට වෙලාව නැහැ. දැන් තියෙන්නෙ ජාතික පුරස්න​. BBS හරි RB වගේ සංවිධානෙක ඉන්න එක ඔය පොඩි පොඩි කේස් වලට වඩා නම්බුකාරයි වගේම පිං වැඩියි. අනික​ අර සෑහෙන කාලයක් නිදාගෙන ඉන්න රාවණා රජ්ජුරුවො වගේ කෙනෙක්ට කෘතිම ශ්වසනය කරනව කියන්නෙ එසේ මෙසේ ජාතික මෙහෙවරක්ද​. ඇහැරව ගත්තොත් කාටද​. අපිටනෙ.....

කරපු කතාව පොට පයින්න එනව වගේ නිසා අර අහිංසක තාත්තගෙ කේස් එකට බහිනව​. තමන් හදා වඩාගෙන ලොකු මහත් කරපු දරුව තමුන්ට ඉස්සරවෙලා වල පල්ලට යනව තරම් වෙන දුකක් දෙමාපියන්ට නැහැ. ඒක ඇත්ත​. නමුත් දැන් ඒ තාත්ත කරන වැඩේ අනුමත කරන්න බැහැ. ඒ මනුස්සය කරන ඔය බරපතල වඩේ ගැන තේරුම් කරල දෙන්න හාමුදුරුකෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට අමාරුයි. ඔය පලයක් නැති කුණු ශරීරයක් උඩ නිදියනකන් තාත්තගෙ දුක අඩුවෙන්නෙ නෑ වගේම මැරිච්ච තමුංගෙ පුතාගෙ ආත්මෙටත් ඔතනින් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. අනික සොහොන තියෙන්නෙ ගෙයි මිදුලෙ. ඔය ගෙදර මිනිස්සු පවා ඔතන ඉන්න නිසා ආසාව කියන බැදීම වැඩිවෙන්න වැඩිවෙන්න නිකන් නිස්කාරනේ පුතා අමනුස්ස ආත්මයක් ලබනවා.

මෑතකදි කියවපු අටමගේ පෝස්ට් එකක් තියනව "පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්" කියල​. අද කාලෙ පන්සලක තත්වෙ ඕකෙන් නියමට විග්‍රහ කරල තියනව​. සංඝ රත්නෙට ගරහන්න එපා කියල කට්ටිය කීවත් ඕකට යමක් නොකලොත් අපිට හිතුවටත් වඩා ඉක්මනිම නිවන් යන්ඩ පුලුවන් වෙයි කියල හිතෙනව​.